ඩොලර් මිලියන 57ක දැවැන්ත බදු වංචාවක්: කීවි වගා ක්ෂේත්‍රයේ ප්‍රබලයා සමාගම් සල්ලිවලින් රත්තරන් අරන්!
විශේෂ ව්‍යාපාරික පරීක්ෂණ වාර්තාව – දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand)
නවසීලන්තය — 2026 මාර්තු 14 (පෙරවරු 10:00) — Saran Contracting සහ Gurukirpa Contracting යන සමාගම් දෙකෙහි එකම අධ්‍යක්ෂවරයා සහ කොටස්කරුවා වූ අජයිපාල් සිං පිළිබඳව නවසීලන්ත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (Inland Revenue) කළ විමර්ශනයකින් මෙම තොරතුරු අනාවරණය වී ඇත.
1. වැටුප් සහ සුඛෝපභෝගී වියදම්
මූල්‍ය ප්‍රකාශනවලට අනුව, 2019 සිට 2022 දක්වා කාලය තුළ ඔහු ලබාගෙන ඇති වරප්‍රසාද මෙසේය:
- වැටුප: වසර තුනක් ඇතුළත ඔහු තමන්ටම ඩොලර් මිලියන 7.1ක දැවැන්ත වැටුපක් ගෙවාගෙන තිබේ.
- රන් ආයෝජන: ඔහුගේ සමාගම් මගින් ඩොලර් මිලියන 2කට ආසන්න වටිනාකමකින් යුත් රන් බාර් මිලදී ගෙන ඇත.
- බදු හිඟය: මෙම සමාගම් දෙක රජයට ගෙවිය යුතු බදු මුදල ඩොලර් මිලියන 57ක් ලෙස ගණන් බලා තිබේ.
2. සමාගම් ඈවර කිරීම (Liquidation)
අදාළ සමාගම් පසුගිය වසරේදී බිඳ වැටුණු අතර, මේ වන විට නිල ඈවර කරන්නා (Official Assignee) විසින් සමාගමේ වත්කම් සහ මූල්‍ය ගනුදෙනු පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.
